අවුරුදු උත්සවයකදී පුතුට සහාය වූ පියා මරුට

අවුරුදු උත්සවයකදී සිදුවූ අවාසනාවන්ත මරණයක් පිළිබඳව පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ පැවති මෙම අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගය සඳහා සහභාගී වූ පුතු දිරිමත් කිරීමට එක්වූ පියෙකු මෙලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

සිය 16 හැවිරිදි වියේ පසුවන පුතු ගම හරහා දිවීමේ තරගයට සහභාගී වන බැවින් ඔහුගේ ආරක්ෂාවට සහ සහාය වීම පිණිස මියගොස් ඇති පියාද ඔහු සමග ගොස් තිබේ.

එහිදී එක්වරම 60 හැවිරිදි වියේ පසුවූ පියා ක්ලාන්ත වී ඇදවැටීමෙන් අනතුරුව පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු මියගොස් ඇති බවටය.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *