අයිෆල් කුලුන අසල පිහි ඇනුමකින් පුද්ගලයෙකු මිය යයි

ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන අසල පිහි ඇනුමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 

විදෙස් මාධ්‍යය මේ බව වාර්තා කරයි.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin පවසා ඇත්තේ, ප්‍රහාරකයා අයිෆල් කුලුනට ආසන්නව පිහිටි Quai de Grenelle අවට සංචාරකයන් ඉලක්ක කර ඇති බවයි.

පිහි ඇනුමට සම්බන්ධ 26 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කර ඇත. 

ප්‍රහාරකයා ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් අරාබි භාෂාවෙන් කෑගැසූ බව එරට පොලීසිය වාර්තා කරයි.

සැකකරු පොලීසියට පවසා ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ සහ පලස්තීනයේ බොහෝ මුස්ලිම්වරුන් මිය යන නිසා තමා කලබලයට පත් වී ඇති බවයි.

2016 වසරේ දී වෙනත් ප්‍රහාරයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකකරුට වසර හතරක සිරදඬුවමක් ද නියම වී ඇති අතර, ඔහු ප්‍රංශ ආරක්ෂක සේවා නිරීක්ෂණ ලැයිස්තුවේ සිටින අයෙකු බව ද වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *