අත් බද්ධය හරහා චිත්‍ර ශිල්පියා නැවත දෑත් ලබා ගනී

සාර්ථක වූ දෑත් බද්ධ කිරීමේ සැත්කමක් පිළිබඳව සුවිශේෂී කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පුවත වාර්තාවන්නේ ඉන්දියාවේ දිල්ලියෙන්.

දිල්ලියේ ප්‍රධාන රෝහලකදී මෙම සුවිශේෂී සැත්කම සිදුකර තිබේ.

මෙහි තවත් සුවිශේෂී කරුණක් වන්නේ මෙලෙස නැවත දෑත් හිමිව ඇත්තේ චිත්‍ර ශිල්පියෙකුට වීමය.

අවාසනාවන්ත දුම්රිය අනතුරකින් 2020 වර්ෂයේදී මෙම චිත්‍ර ශිල්පියාට සිය දෑත් අහිමිව ගොස් ඇත.

දෑත් අහිමිව සිටි චිත්‍ර ශිල්පියාට පසුගියදිනක යළි දෑත් හිමිවන්නේ සිය ශරීරාංග පරිත්‍යාග කළ කාන්තාවක් නිසාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *