Site icon Radioeka

Onmax DT සභාපති අත්අඩංගුවට ගන්න රතු වරෙන්තු.!

The short URL of the present article is: https://radioeka.lk/sa3m

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති “Onmax DT” සමාගමේ සභාපති සහ ජෝර්ජියානු ජාතිකයෙකු ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය සදහා ඊයේ (11) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියේ හත්වැනි සැකකරු ලෙස නම් කර ඇති සභාපතිවරයා ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම සදහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කළේය.

නීති විරෝධී ලෙස මුල්‍ය ගණුදෙනු කළ “Onmax DT” සමාගමේ ප්‍රධානියා, සභාපතිවරයා මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන බවට තොරතුරු හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සදහන් කළේය.

unusuma

Exit mobile version