අඹු සැමි යුවළට මරු කැඳවූ අනියම් ප්‍රේමය

වව්නියාව තෝණික්කල් ප්‍රදේශයේ නිවසකට ගිනිතැබීමෙන් යුවළක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.
වව්නියාව තෝණික්කල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට කඩා වැදුණු පුද්ගලයින් 8දෙනෙකු, එහි සිටි පිරිසට තියුණු ආයුධවලින් පහර දී නිවසට ගිනිතැබීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය මස 23 වනදාය.
එහිදී නිවසේ සිටි පුද්ගලයින් 10 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් අනතුරුව යුවළක් මියගියහ.
පොලිස්පතිවරයාගේ නියෝග මත මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරුණි.
මේ අතර, වව්නියාව පොලීසිය හා කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අතුඅඩංගුවට ගැනුණේ අපරාධය සඳහා යොදාගත් යතුරු පැදි 03ක් ද සමඟය.
සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ අතර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය මඟින් පැය 48ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අණවරණ වී ඇත්තේ ඝාතන කොන්ත්‍රාත්තුවක් මත මෙම අපරාධය සිදුකළ බවය.
ඒ අනුව ප්‍රහාරය සඳහා යොදාගත් කඩු කිහිපයක් වව්නියාව වෛරව පුලියන්කුලම් වැවේ තිබී අද පස්වරුවේ සොයාගැනුණි.
එම සිදුවීමෙන් මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ විවාහක ග්‍රාම නිලධාරිවරියක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.
මේ අතර එම ග්‍රාම නිලධාරිවරිය එම ප්‍රදේශයේම තවත් විවාහක පුද්ගලයෙකු සමඟද අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවද පරීක්ෂණවලදී හෙළී වී තිබේ.
අනියම් සබඳතා පැවැත්වූ පුද්ගලයන් දෙදෙනා අතර ඇති වු ආරවුලක් මත එක් පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකිරීමට කොන්ත්‍රාත්තුව ලබා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකය.