ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඒ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ කටයුතු කළ යුතු ආකාරය ගැන එම නිලධාරීන් විශේෂයෙන් අධ්‍යයනය කරනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම කාරණය පිළිබඳව
තමා අද (2) පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරන බවද සඳහන් කළේය.
මේ අතර ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතාද පෙරේදා(31) විමර්ශනයක් ආරම්භ කළේය.
එම විමර්ශනයේ වාර්තාව අගමැතිවරයාට නුදුරේදීම බාරදීමට නියමිතය.
ගායන ශිල්පිනී ශිල්පිනී උමාරා සිංහවංශ මහත්මිය ජාතික ගීය මෙසේ විකෘති කර ගායනා කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදීය.
මේ අතර ජාතික ගීය විකෘති කර ගායනා කිරීම හෝ වෙනස් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් එසේ කරන්නන්ට එරෙහිව පවතින නීතිය යටතේ කටයුතු කළ හැකි බවත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
(සුජිත් හේවාජුලිගේ )