තලවකැලේ, ග්‍රේට්වෙස්ටන් කඳු මුුදුනේ තිබි නාඳුනන තරුණ කාන්තා මළසිරුරක් ඊයේ (01) සවස සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.
ග්‍රේට්වෙස්ටන් කඳු මුදුනේ කිලෝමීටර් හතක පමණ දුරක කන්ද තරණය කිරීමට භාවිතා කරන කුඩා පාරක් ආසන්නයේ වැටී තිබියදී සොයා ගත් මෙම කාන්තා මළසිරරු වයස අවුරදු 25 ත් 30 ත් අතර පමණ වන වයසේ පසුවන තරුණියකගේ බව පොලීසිය කියයි.
කඳු මදුන තරණය කිරීමට යන පිරිස් හැර මෙම කඳු මුදුනට වෙනත් කිසිවෙකු ලෙහෙසියෙන් ගමන් නොකරන බවත්, මෙම මළසිරුර එසේ පැමිණි පිටස්තර තරුණියකගේ විය හැකි බවට පොලීසිය සැක කරයි.
නුවරඑළිය අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කරන ලබන බව තලවකැලේ පොලීසිය පවසයි.