වාද්දුව මැස්ටිය ගඟේ නීති විරෝධී මත්පැන් වැටලීම් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට සර්පයකු දෂ්ට කිරීමෙන් රෝහල් ගතකර ඇතැයි පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි.
නිලධාරී කණ්ඩායම එම ප්‍රදේශයේ වටලා සිදුකළ පරික්ෂාවේදී ගෝඩා බැරල් 10 ක් සොයා ගැනීමෙන් අනතුරුව ඒවා ගොඩබිමට ගැනීමේදී සර්පයා දෂ්ට කර ඇති බව පොලිසිය සඳහන් කරයි .
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පොලිස් නිලධාරියාව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වලට එහි ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය
පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමරසේකර මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකරයි.
පානදුර සුමිත් පොතුපිටිය බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ