ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වීමට නියමිතය.
එක් තරගයක් ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම් අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
අනෙක් තරගය බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.
පළමු ජය ඊයේ කලම්බු ස්ට්‍රයිකර්ස්ට
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ – 2023 තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (31) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ලකුණු 27 කින් බී – ලව් කැන්ඩි පිල පරාජය කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කය හඹාගිය බී – ලව් කැන්ඩි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 130 ක් පමණි.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දක්ෂ පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.
බාබර් අසාම් පන්දු 52 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය. වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත්තේය. කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 157 (බාබර් අසාම් 59, පැතුම් නිස්සංක 15, නුවනිඳු ප්‍රනාන්දු 28, ඉසුරු උදාන 39/3, මොහොමඩ් හස්නන් 27/2) බී – ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට 130 (ඇන්ජලෝ මැතිව්ස් 25, කමිඳු මෙන්ඩිස් 15, සෆ්රාස් අහ්මඩ් නොදැවී 16, ජෙෆ්රි වැන්ඩසේ 32/2, නසීම් ෂා 19/2, මතීෂ පතිරණ 24/3, මොහොමඩ් නවාස් 18/1)