ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි.
ඒ අනුව එල්.අයි.ඕ.සී. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ඉහළ දැමූ බවත් ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කළ බවත් එම සමාගම කියයි.