කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 18 දෙනකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත (01) දින අලුයම ඇතුළත් කල බව වටවල පොලිසිය පැවසිය.
අද අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදිය.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසිය පැවැසීය.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගින් 18 දෙනකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවත්, බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
සෙසු තුවාලකරුවන් තත්ත්වය බරපතල නොවන බව වටවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල මගින් 100 දෙනකු පමණ ගමන් කරමින් සිටි බව අනතුරෙන් තුවාල ලබා වටවල රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවෙකු පැවසිය.