බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ.
බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. ගිහි ගෙයින් නික්මයාම සහ බුද්ධත්වයෙන් පසු බුදුන් වහන්සේ ප්රථම වරට දම්සක් පැවතුම් සූත්රය පස්වග තවුසන් හට දේශනා කිරීම ප්රථම ධර්ම සංගායනාව,කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පැමිනීම,ගන්ධබ්බ රුක් මුලදී තීර්ථකයන්ගේ මානය දුරු කිරීම, යමා මහා පෙළහරපෑම භික්ෂූන් වහන්සේ පෙරවස් එළඹීම යනාදී වැදගත් සාසනික සිද්ධින් සනිටුහන් කෙරෙන ඇසළ පුන්පොහොය අදට යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේගේ ප්රථම ධර්ම දේශනාව දේශනා කරන ලද්දේ ද ඇසල පුන් පොහෝ දිනක වන අතර තව්තිසා දෙව් ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනා කිරීම සිදුකරනු ලැබුයේ ද අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
අරිට්ඨ කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ ඇසළ පුරපසළොස්වක පොහොය දිනයක වන දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ ද අද වැනි පොහොය දිනයක බව සඳහන්ය.
එමෙන්ම මෙම අගෝස්තු මාසයේ පුර පොහොය දෙකක් යෙදී තිබීම විශේෂත්වයක් වන අතර එම නිසා මෙම පොහොය අධි ඇසළ පොහොය ලෙස හඳුන්වයි. අධි පොහොයක් ලබන්නේ අවුරුදු හතරකට වතාවක් වීමද විශේෂත්වයකි.