ජාතික තරුණ සේවා සභාවේ,තරුණ සේවා සමූපකාර සංගමය මඟින් දැයේ තරුණ තරුණියන්හට ආර්ථික හා සාමාජීය වටිනාකමක් එක්කරමින්, ජීවිතය ගොඩනගන්නට අවශ්‍ය වපසරිය නිර්මාණය කරමින්, නැවුම් බලාපොරොත්තුවක් ලබාදෙමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව සමුපකාර ක්‍රියාදාමය පිළිබඳ වු කෙටුම්පතක් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමා වෙත ඊයේ (24) පිළිගැන්වීය.
තරුණ සේවා සමූපකාර සංගමයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම ඊයේ (24) දිනට යෙදී තිබුණ අතර එය මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැත්විනි.මේ සඳහා එම සංගමයේ සාමාන්යධිකාරීතුමා ප්‍රධාන සියළු පළාත නියෝජනය කරමින් අධ්යක්ෂමණ්ඩල නියෝජිත මහතුන් සහබාගී වී සිටියහ.
මෙම කෙටුම්පත සැකසීම සඳහා සමූපකාර ක්ෂේත්රයේ විද්වත් මඩුල්ලකින් සැදුම්ලත් විශේෂඤ මණ්ඩලයක් මගින් සිදුකෙරිණි. එහි ලේකම් විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරී,හිටපු සමූපකාර සංවර්ධන කොමසාරිස් උපාලි හේරත් මහතා විසින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්යක්ෂ ජෙනරාල් පසිඳු ගුණරත්න මහතාවෙත බාරදුන් අවස්තාව පහත ඡායාරූපයේ දැක්වේ.

ඉන්දික කෝරාළගේ