ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයේන් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. ඒවා රැගෙන ආ බව කියන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු සමඟ ඇමෝනියා කිලෝ 8 යි ගෑම් 500 ක් කලු කුඩු නොහොත් වෙඩි බෙහෙත් ගෑම් 444 ක් ඩෙටනෙටර් 45 ක් වෝටර් ජෙල් කරල් 23 ක් විවිධ ප්‍රමාණවලින් යුත් සේවා නූල් කොටස් 14 ක් පොලිස් භාරයට ගෙන ඇත
නීති විරෝධී ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (77780) සම්පත් නිලධාරියාට ලද රහසිගත තොරතුරක් අනුව දින ගණනාවක් මුළුල්ලේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇත
කුඩා කබඩ් එකක ඉබි යතුරු දමා සඟවා තිබියදී එම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගත් පොලිසිය ඊට අදාල බලපත්‍ර සැකකරුගෙන් ඉල්ලා සිටියත් කිසිදු බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට සැකකරු අපොහොසත්ව තිබූ බව පොලිසිය කියයි
නීති විරෝධී ආකාරයෙන් ගබඩා කර තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් ගබඩා කර තබා ගත්තද ? එසේත් නැත්නම් මුදලට අලෙවිකිරීම සඳහා ගබඩා කර තබා ගත්තාද ? යන්න වැඩිදුර විමර්ශන කරන බව පොලිසිය කියයි. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන්