බීබීසී පුවත් සේවයේ ප්‍රකට මාධ්‍යවේදියෙක් මෙන්ම ප්රවෘත්ති නිවේදකයෙක් වූ ජෝර්ජ් අලගයියා මියගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ වනවිට 67 හැවිරිදි වියේ පසුවූ ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය.
බීබීසීයේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන ඔහු මීට පෙර විදේශීය වාර්තාකරුවෙකු ලෙස දිගු වෘත්තීය ජීවිතයක් ගත කර ඇති අතර දශක දෙකක කාලයක් බීබීසී ප්රවෘත්ති ඉදිරිපත් කළේය.
පිළිකාව පැතිරීමත් සමඟ ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා විවේකයක් ගත් නමුත් සෑම විටම ප්රවෘත්ති කාමරයට නැවත පැමිණීම ඉලක්ක කළේය. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අලගියා අවසන් වරට විකාශන රාජකාරිවලින් ඉවත් වූ අතර, බීබීසී ප්රවෘත්ති කාමරයේ වැඩ කිරීම “ශක්තිමත්ව සහ අභිප්‍රේරණයෙන් තබා ගැනීමේ වැදගත් කොටසක්” වූ බව පවසමිණි.
ඔහු 2020 දී ගාඩියන් පුවත්පතට පැවසුවේ අසනීප තත්ත්වය තිබියදීත් ඔහු තම ජීවිතය ගැන සතුටු වන බවයි. “2014 දී බඩවැලේ පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමෙන් පසු, මම මගේ ජීවිතය මෙතෙක් ගත වූ ආකාරය පිළිබඳ වාසි සහ අවාසි ලැයිස්තුවක් ගොඩනඟා ගත්තා,” ඔහු පැවසීය. “හොඳින් සිදු වූ දේවල් අනෙක් ඒවාට වඩා බෙහෙවින් වැඩි වූ අතර, එය මා සම්පූර්ණ තෘප්තිමත් ස්ථානයකට ගෙන ආවේය. “
ජෝර්ජ් 1955දී කොළඹ දී උපත ලබා තිබූ අතර ඔහු 1963දී දෙමව්පියන් සමග ඝානාවේ පදිංචියට ගොස් තිබුණි.
ඔහුගේ පියා ඉන්ජිනේරුවෙකි. වාර්තාවල දැක්වෙන්නේ කුඩා ජෝර්ජ් වයස අවුරුදු 11දී එංගලන්තයේ පදිංචියට ගිය බවය.