අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි සිටි දුර්ලභ කළු වඳුරන් තිදෙනකු සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.
ඒ බව පැමිණිලි කර ඇත්තේ අත්තිඩිය වනජීවීරැදවුම් මධ්‍යස්ථානයේ අඩවි ආරක්ෂක නිලධාරී ජීවන් හපුආරච්චි මහතා විසිනි.
මෙම කළු වඳුරන් තිදෙනා ඊයේ අලුයම් කාලයේ සොරාගෙන ගොස් ඇති බව අඩවි ආරක්ෂක නිලධාරියා කළ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයිපොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.