ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. adidas on sale nfl jerseys custom jerseys football cheap lace front wigs nike air max 95 white sex toys for men adidas yeezy 700 v3 custom football jerseys custom baseball jerseys best sex toy store best nfl jerseys mens nike air max nike air jordan 6 retro best nfl jerseys nike air jordan shoes
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව, දිගින් මීටර් 151 ක් සහ නැව් මුළුව 195 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් OKUMURA Kenji සහ නෞකාවේ ධජ නිලධාරි ලෙස රියර් අද්මිරාල් NISHIYAMA Takahiro කටයුතු කරනු ලබයි.
‘SAMIDARE (DD-106)’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, SAMIDARE (DD-106)’ නෞකාව 2023 ජුලි මස 29 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PHOTOEX) නිරත වීමටද නියමිතව ඇත.



