ලෝක අවිවාහක රූ රැජින – 2023 ( Miss Queen of the World )ලෙස කිරුළ පැලදි , ඉන්දීය ජාතික ක්රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය , ශ්රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සදහා (19) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
ශ්රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන මහා තරගය (22) දින කොළඹ නෙළුම් කුළුණ රගහල් පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතය . එහිදී තෝරා ගන්නා ජයග්රාහිකාවන් සිව් දෙනෙකු 2024 අප්රියෙල් මාසයේ ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය .
ක්රිශාන්ගී ගෞරි මෙනවිය මෙම ශ්රී ලංකා අවිවාහක රූ රැජින අවසාන මහා තරගයේ ප්රධාන ආරාධිත අමුත්තෙකු සහ එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද කටයුතු කිරීමට ද නියමිතය .


