පසුගිය දා ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුපිරි හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් හට ගෙවීම් නතර කිරීමට යූටියුබ් ආයතනය තීරණය කර තිබේ.
ඊට හේතු ලෙස රසල් විසින් යූටියුබ් ආයතනයේ නිර්මාපක වගකීම් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව යූටියුබ් ආයතනය දක්වා ඇත.
කිසියම් නිර්මාපකයෙකු වේදිකාවෙන් පිටත හැසිරීම අපගේ පරිශීලකයින්ට, සේවකයින්ට හෝ පරිසර පද්ධතියට හානි කරයි නම්, ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
රසල් බ්‍රෑන්ඩ්ගේ යූටියුබ් නාලිකාව වටා මිලියන 6.61ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් එක් රොක්ව සිටින අතර, යූටියුබ් ආයතනයේ මෙම තීරණය ඔහුට එල්ල කළ දැවැන්ත මූල්‍ය පහරක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
2006 සිට 2013 දක්වා කාලය තුළ කාන්තාවන් සිව්දෙනෙකුට රසල් විසින් ලිංගික අතවර කර ඇති බවට පසුගිය දා චෝදනා එල්ල විය.
ද සන්ඩේ ටයිම්ස්, ද ටයිම්ස් සහ චැනල් 4 නාළිකාවේ ඩිස්පෑචස් යන වාර්තාමය වැඩසටහන් ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔහුට එම චෝදනා එල්ලකර ඇත.
කෙසේ වෙතත් මෙම චෝදනාවන් පදනම් විරහිත බව හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් පවසා තිබේ.