උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට කැඳවීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයක වගකීමක් බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට කෙරුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ඒ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සියලු දෙනා නීතිය හමුවට කැඳවන්න කටයුතු කරන්න ඕන. මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගේ වගකීමක්.උද්දික මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වැඩි කරන්න. ප්‍රහාරය ගැන ඉක්මනින් විභාගයක් කර ඒ සම්බන්ධයෙන් සැකකරුවන්ට දඬුවම් කරන්න.