එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුකී යෙයෝල් මහතා සමග නිල හමුවකට එක් විය.
ශ්‍රී ලංකාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිසාධන සැලැස්ම සඳහා දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol සිය සහය ලබා දුන්නේය. රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය සමනය කිරීම අරමුණු කරගත් ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට ප්‍රශංසා කළ ඔහු ඔහුගේ කැපවීම අගය කළේය.
මීට අමතරව, අනාගතයේදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා ඇති ඉඩකඩ පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපති යූන් සුක් යෙයෝල් සඳහන් කළේය.
COP 27 න්‍යාය පත්‍රය මත පදනම්ව දේශගුණික විපර්යාස ගැටළු විසඳීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා ගත් උත්සාහයන් අගය කළ දකුණු කොරියානු නායකයා ශ්‍රී ලංකාව සහ කොරියාව ද්විපාර්ශ්වික දේශගුණික විපර්යාස ගිවිසුමකට එළඹීමට යෝජනා කළේය. ශ්‍රී ලංකාවට නව තාක්ෂණය ගෙන ඒම සඳහා වැඩි වැඩියෙන් කොරියානු ආයෝජන සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන ගිවිසුමක් අවසන් කිරීමේ අවශ්‍යතාව ඔහු වැඩිදුරටත් යෝජනා කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩලයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා අතර නිල හමුව සිදුවිය. 1978 දී ආරම්භ වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව නායකයෝ සාකච්ඡා කළ අතර තවදුරටත් පුළුල් කර ගැනීමට ඇති අවස්ථා ගවේෂණය කළහ.
දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් කඩිනමින් අවසන් කිරීමේ වැදගත්කම ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීමට නායකයන් දෙදෙනා ප්‍රමුඛත්වය දුන්හ. මීට අමතරව, දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් රටේ ආර්ථිකයට දක්වන අගනා දායකත්වය පිළිබඳව ජනාධිපති යූන් සුක් යෝල් කෘතඥතාව පළ කළේය.
නුදුරු අනාගතයේ දී දකුණු කොරියාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා සුහදශීලී අභිනයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනාවක් කළේය.
ඉන්දික කෝරාළගේ