රටේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන සේවාවන් අවහිරයක් හෝ බාධාවන් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධනගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව,
*විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්
*ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම
*රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබේ.