තෙමසකට ඉහතදී දැන හඳුනාගත් විවාහක කාන්තාවක් සමග කොහුවල එස් ද එස් ජයසිංහ මාවතේ ලැගුම්හලට පැමිණි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් අද (17) අලුයම ඇඳ මත මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම කාමරයේ මේසයක් මත තිබි පෙති කීපයක් පොලිසිය මඟින් සොයාගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි (35) හැවිරිදි එක්දරු පියෙකි.
මියගිය පුද්ගලයා සිය නීත්‍යානුකූල බිරිඳගෙන් වෙන් වීම සඳහා නීති මඟට පිවිස ඇති බව පොලිසිය කියයි.
විවාහක සැමියාගෙන් වෙන්වීම සඳහා නීති මඟට පිවිස සිටින 33 හැවිරිදි කාන්තාවක් මිතුරියක් මාර්ගයෙන් දැන හඳුනාගෙන තිබූ මියගිය පුද්ගලයා සමග ඊයේ (16) දහවල් ලැගුම්හල වෙත පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔවුන් දෙදෙනා දෙදෙනාම නින්දට යාමෙන් අනතුරුව අද 17 අලුයම එකයි තිහට මියගිය පුද්ගලයාට ඔක්කාරය පැමිණ තිබූ අතර කාන්තාව පිටට තට්ටු කර තිබූ බව පොලිසිය කියයි.
මද වේලාවකදී එම පුද්ගලයාගේ කටින් සෙම වෑහෙන්නට වූ අතර ඇය ආධාර ඉල්ලා කෑ ගසා ඇති අතර ලැගුම් හලේ සේවකයන් සහ යාබද කාමරවල නැවතී සිටී අමුත්තන් ද පැමිණ ඇති අතර 1990 ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ පරීක්ෂාකර කර බලා එම පුද්ගලයා මියගොස් ඇති බවට දැනුම් දී ඇත.
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා නානායක්කාර මහතා පැමිණ මූලික පරීක්ෂණ පැවැත්විය.