ගුවැන්ඩොං පළාතේ පරිපාලන නිලධාරීන් විසින්, චීනයේ Guangdong පළාතට බලපෑ ප්රචණ්ඩ saola සුළි කුණාටුව නිසා කිලෝ 50ට අඩු පුද්ගලයින්ට පිටතට පැමිණීම තහනම් කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතට Saola Typhon සුළි කුණාටුව හටගෙන ඇති අතර ඒ නිසා එක් අයෙකු මියගොස් ඇති බවයි.
හොංකොං හි ආසියානු මූල්‍ය කේන්ද්‍රස්ථානය සහ චීනයේ ජනාකීර්ණ පළාතක් වන ගුවැන්ඩොං නගරයේ සිකුරාදා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර Saola කුණාටුව පැමිණීමත් සමග ව්‍යාපාර, පාසල් සහ වෙළඳපොලවල්ද වසා දමා තිබේ.
එමෙන්ම මේ වනවිට බර කිලෝග්‍රෑම් 50 ට අඩු පුද්ගලයින්ට ගෘහස්ථව සිටින ලෙසත් රජය උපදෙස් දී තිබේ.
ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ කුණාටුව අතරවාරයේ එළියට පැමිණෙන තරුණියක් සැඩ සුළඟට ගසාගෙන යාම නිසා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. තරුණිය සැඩ සුළඟට ගසාගෙන යන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත වී තිබේ.
එම වීඩියෝව පහතින්..