ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා ඇත.මගීන් 06 දෙනකු සහ ගුවන් නියමුවා හා සහායක ගුවන් නියමුවා සහිතව අද සවස විශාඛාපට්නම් සිට පැමිණි ලියර් ජෙට් ගුවන් යානයක් ගොඩ බෑමේදී ගුවන් පථයේ දී ලිස්සායාම නිසා මෙලෙස වසා දමා තිබේ.ගුවන් යානය ලිස්සායාම නිසා ඇතිවූ අනතුරින් මගීන් 06 දෙනා සහ ගුවන් නියමුවා හා සහායක නියමුවා වහාම රෝහල් ගත කර ඇත. අධික වර්ෂාව මැද ගුවන් යානය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇත.
මෙම සිදුවීම ඉන්දියාවේ කාර්යබහුලම තනි ධාවන පථය වන මුම්බායි හි සමස්ත ජාලයටම බලපෑ අතර, නගරයට සහ ඉන් පිටතට ගුවන් ගමන් 40 ක් පමණ ප්රමාද වීමට හේතු විය.