නැගෙනහිර ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 20000 ක් දක්වා වැඩි වීමට ඉඩ තිබෙන බව ඩර්නා නගරයේ නගරාධිපති අබ්දුල් මෙනම් අල් ගයිති අරාබි පුවත් සේවයකට ප්‍රකාශ කර ඇත.
ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග පසුගිය ඉරිදා ඩර්නා හි වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටුණු අතර ඒ හේතුවෙන් නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට විය.එම ගංවතුර තත්ත්වය හේතුවෙන් 10000 කට අධික පිරිසක් අතුරුදන් වූ අතර නිල වශයෙන් පුද්ගලයන් 5000 කට අධික පිරිසක් ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය බව බලධාරීන් ප්‍රකාශ කළේය.
ගංවතුර තත්ත්වය පිළිබඳ කලින් අනතුරු ඇඟවීම් සිදු කළේ නම් සහ අපදා කළමනාකරණ පද්ධතීන් නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි විශාල හානියක් වීම වළක්වා ගැනීමට ඉඩ තිබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ(14) ජිනීවා නුවරදී පැවසුවේය.
(විමුක්ති එස් රුද්‍රිගු)