බණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල හෝටලයකින් බොල්ගොඩ ගඟට බැහැර කරන අපද්‍රව්‍ය පෙන්වීමට ගිය තිදරුපියකු හදිසියේ රෝගාතුර වී අද මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් තිබුණේ බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිසුමිත් සිල්වා නැමැති 52 හැවිරිදි තිදරු පියෙකි.
මධ්‍යම පරිසර අධිකාරියට අයත් වාහන දෙකක් හෝටලය වෙත පැමිණෙන අයුරු මියගිය පුද්ගලයා දැකීමෙන් අනතුරුව ගම්වාසීන්ද දැනුවත් කර ගම්වාසීන් සමග හෝටලය අසලට එකක් පැමිණ අවට පරීක්ෂා කිරීමේ දී හෝටලය පිටුපස රක්ෂිත කොටස අනවසරයෙන් ගොඩකර ඇති අයුරු දැක තිබිණි.
අනතුරුව ගම්වාසීන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට එම ස්ථානය පෙන්වා එම රක්ෂිත කොටසේ අනවසරයෙන් ගොඩකර තිබෙන අපද්‍රව්‍ය සහ කළු ගල් ඉවත් කරන තෙක් එම ස්ථානයේ රැඳී සිටින ලෙස ලෙස දැනුම් දී මියගිය පුද්ගලයා ඇතුළු කීප දෙනෙකු හෝටලයේ බලධාරීන් රක්ෂිතය අනවසරයෙන් ගොඩ කර තිබෙන ස්ථානය කොට දැමීමට කටයුතු කළහ.
මෙහිදී අනාවරණය වූයේ හෝටලයේ සිට බොල්ගොඩ ගඟට බෝට්ටුවලට නැගීම සඳහා යොදා තිබෙන කොන්ක්‍රීට් බැම්ම යටින් අපද්‍රව්‍ය ගඟට යොමු කිරීම සඳහා බට යොදා ඇති බවයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


