මාතර බංගම පොලිස් වසමේ සිව්දරු මවක් මානසික ආබාධිත 28 හැවිරිදි සිය වැඩිමහල් පුතු විසින් පරාළයකින් ගසා ඝාතනය කර ඇතැයි බංගම පොලීසිය කියයි.
අද (30) උදෑසන මෙම ඝාතනය සිදුවී ඇත.
සැකකරු කලක් මානසික ආබාධයකින් පෙළී සිට පසුව ඉකුත් වසරේ සුව වී නිවසට පැමිණ විවිධ කුලී රැකියාවලින් ජීවිතය ගැටගසාගෙන තිබේ.
ඊයේ සුපුරුදු පරිදි ඔහු රැකියාවකට ගොස් නිවසට පැමිණ ඇති අතර, රාත්රියේ සිය බාල සොහොයුරාගේ නිවසට ආලාභ හානි සිදුකර ඇත.
පසුව ඔහු අද අලුයම් කාලයේ සිට නිවසේ කලබල කර කර ඇති අතර, ගම්වාසීන් ද ඊට මැදිහත් ව තිබෙන බව වාර්තා වෙයි.
ඊට මැදිහත් වූ අසල්වාසියකුට ද සැකකරු විසින් අත බිඳී යාමට මුගුරකින් පහර දී ඇති අතර, පසුව නිවසේ කාමරයක හාන්සි වී සිටි මවට ද විශාල පරාළයකින් පහර දී ඇත.
එම අවස්ථාවේ දී කාන්තාව ජීවිතක්ෂයට පත් ව ඇති අතර, දේහය 1990 ගිලන් රථයකින් අකුරැස්ස ප්රාදේශීය රෝහලට ගෙනැවිත් තිබිණි.
සැකකරු නිවස අසල පාළු වැසිකිළියක සැඟවී සිටිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සැකකරු මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.