ඉම්රාන්ගේ අධිකරණ රිමාන්ඩ් කාලය සැප්තැම්බර් 13 දක්වා විශේෂ අධිකරණය දීර්ඝ කරයි
ඉම්රාන් ඛාන්ව එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ අධිකරණය අද(30) නියෝග කළේය.
එම අධිකරණයේ නියෝගය පරිදි ඇටොක් බන්ධනාගාර නිලධාරීන් අද(30) පැවති නඩු වාරය සඳහා ඉම්රාන් ඛාන්ව බන්ධනාගාරයේ සිට රැගෙන විත් තිබිණි.
ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් ලැබුණු ත්‍යාග පිළිබඳ අසත්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට නියම වූ වසර තුනක සිර දඬුවම අත් හිටුවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය පසුගිය දා නියෝග කළත් එම අවස්ථාවේ රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ අධිකරණය ඇටොක් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටියේ අද(30) පැවති එම නඩුවේ නඩු වාරය සඳහා ඉම්රාන් ඛාන්ව බන්ධනාගාරයේ සිට රැගෙන එන ලෙසයි.
