දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික විෂ්ණු මහා දේවාලයට ඉහලින් තිබූ කෞතුක වටිනාකමකින් යුතු අම්බලමට පෙරහරට සම්බන්ධ වීමට පැමිණි ඇතින්නකගේ ප්‍රහාරයකට ලක්වීමෙන් එම අම්බලම සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහරට සම්බන්ධ වීමට පැමිණි මැණික්හින්නේ මුතු නැමැති ඇතින්න විසින් ඊයේ සවස (29) මෙම ප්‍රහාරය එල්ල කොට තිබේ .
මෙම අම්බලම පුරාවිද්‍යාත්මක වටිනාකමක් නොමැති වුවත් කෞතුක වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලක් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනුයේ . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එම ඉපැරණි අම්බලම නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා පොරොන්දු වී තිබේ.
ෂේන් සෙනෙවිරත්න