දින ගණනාවක සිට පොලොන්නරුව හා ගිරිතලේ වනජීවී නිලධාරීන් එක් ව ප්‍රතිකාර කරනු ලැබූ ගල්ලෑල්ලේ චණ්ඩි නම්, වන අලියා ඊයේ (29) පස්වරුවේ මියගොස් තිබේ.
ගල්ලෑල්ල, සුවසෙතගම ප්‍රදේශයේ දී අලියා මියගොස් ඇති බව වාර්තා වේ.
පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ ගල්ලෑල්ලේ චණ්ඩි, දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් ව බරපතළ තුවාල ලබා සිටියේය.
අවස්ථා ගණනාවක දී වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර කරනු ලැබුව ද චණ්ඩි මියගොස් තිබුණේ ඒ සියලු උත්සාහයන් අසාර්ථක කරමිනි.
මේ අතර, තඹුත්තේගම, ගල්විහාරය ගම්මානයේ, ගැමුණුපුර ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක් තුළ මියගොස් සිටි වනඅලියකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
අද (30) උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
එලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, වයස අවුරුදු 30-35ක් පමණ වන වනඅලියකු බව තඹුත්තේගම වනජීවී කාර්යාල නිලධාරිහූ අවධාරණය කරති.