දියවන්නා ඔයේ ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
ඊයේ (25) රාත්රී පුද්ගලයින් සිව්දෙනෙකු මසුන් ඇල්ලීම සඳහා ඔරුවකින් ගොස් ඇති අතර එහිදි ඔරුව පෙරළී ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
කෙසේවෙතත් ඉන් තිදෙනෙකු දිවිබේරාගැනීමට සමත්ව තිබේ.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදා කිමිඳුම් අංශය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.