පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය 75වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබෙ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මහලේකම්වරිය දිවයිනට පැමිණෙන බවය.
පෙබරවාරි මස පළමු වැනිදා මෙරටට පැමිණෙන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පස් වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
සිය සංචාරය අතර තුර පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.