හැටන් සිට ලිදුල දක්වා ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්රපාතයට පෙරලිමෙන් එම වෑන් රථයේ රියදුරා සහ අයිතිකරු තුවාල ලබා ඇත.
තුවාලකරුවන් ලිදුල ප්රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සදහා නුවරඑලිය මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ප්රකාශකයෙක් පැවසිය.
වෑන් රථය හැටන් දික්ඔය නගරයේ ගරාජයකින් අලුත්වැඩියා කරගෙන ආපසු ලිදුල මටුකැලේ දක්වා ධාවනය කරන අවස්තාවේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලි ඇති බවත්, වෑන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවට අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් සැකකරයි.
(රංජිත් රාජපක්ෂ)