උපයනවිට ගෙවීමේ බද්ද ඉතා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇතැයි චෝදනා කරමින් ශ්රී ලංකා මහ බැංකුවේ සේවකයෝ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත්ව අද වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වූහ.
ශ්රී ලංකා මහා බැංකුවේ වෘත්තීය සමිති පහකට අයත් සේවකයන් අද පෙරවරු 9 සිට පස්වරුව දක්වා සේවයෙන් ඉවත්ව සිටි අතර ඔවුහු මහ බැංකුවේ ශ්රවණාගාරය අසල පිහිටි ශාලාවකට රැස්වී එම වෘත්තීය සමති ක්රියාමාර්ගයේ නරත වූහ.
එම පිරිස වෘත්තිය ක්රියාමාර්ගය අතරතුර දහවල් මහ බැංකුව ඉදිරිපිට මාර්ගයට පැමිණ එම මාර්ගය දෙපස කලු කොඩි හා කලු පටි ඔසවූ අතර එහිදි එම ස්ථානයට ආ පොලිස් නිලධාරීහු ඒවා ඉවත් කළහ.
එම සිද්ධියත් සමග බැංකු සේවකයන් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් හට ගත්තේය
ශ්රී ලංකා මහ බැංකුවේ විධායක සහ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද දහවල් කෑම පැයේ විරෝධතාකරුවන් අතර පැමිණ විරෝධයට සහාය දක්වන බව ප්රකාශ කළහ.


(ඡායාරූප: ළහිරු හර්ෂණ)