මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර ඇන හිටීමෙන් ලොවපුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්වූ බව වාර්තා වෙයි.
මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook යන සේවාවන් එහිදී බිඳවැටී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව එම සමාගම පැවසීය.
ඒ හේතුවෙන් අපහසුතාවයට පත්වූ සේවාදායකයින් ගණන සම්බන්ධයෙන් එම සමාගම හෙළිකර නොමැත. “website Downdetector” මෙවලම මගින් හෙළිවී ඇත්තේ ඉන්දියාවේ සිදුවීම් 3,900ක් සහ ජපානයේ 900ක් වාර්තා වී ඇති බවය.
බිඳ වැටීම් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යෙන් වාර්තා විය.