මීගමුව ඩිපෝවේ ලංගම බස් රථයක කොන්දොස්තරවරයකු රියදුරු ඝාතනය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඔවුන් දෙදෙනා බස් රථය ගාල් කිරීමෙන් අනතුරුව කොන්දොස්තරවරයා තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙම රියදුරු මියගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
ඔවුන් දෙදෙනා අතර මුදල් බෙදාගැනීමේදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි සැක කරන බව ඇමතිවරයා කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.