10 දෙනෙකු ඝාතනය කළ බවට සැක කෙරෙන තුවක්කුකරුවෙකුගේ ඡායාරූපය පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරයි. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නර්තන සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය සැකකරුගේ ඡායාරූප නිකුත් කර ඇති අතර තුවක්කුකරු අත්අඩංගුවට ගැනීම සඳහා හදිසි සෝදිසියක් ආරම්භ කර තිබේ. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි. ඇසින් දුටුවන් පැවසුවේ මෙම පුද්ගලයා අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකින් අවිචාරවත් ලෙස වෙඩි තැබූ බවයි. චන්ද්‍ර අලුත් අවුරුද්ද සැමරීම සඳහා දහස් ගණනක් ජනතාව නගරයේ මොන්ටරේ උද්‍යානයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 10ක් මරුට
Subscribe
Login
0 Comments