ස්ලෝවැකියානු සත්වෝද්‍යානයකින් ගෙන්වන ලද කැපිබරා (Capybara ) ජෝඩු දෙක ලබන මස මුල් සතියේ සිට ප්‍රදර්ශනය කරන බව දෙහිවල සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත ‘අරුණ’ට පැවසීය.
දෙහිවල සහ පින්නවල යන සත්වෝද්‍යානවල දී මෙම සතුන් ප්‍රදර්ශනය කෙරේ.
ලොව විශාල මීයන් විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති මෙම සතුන් ඉතාම මිත්‍රශීලී වන අතර ජලාශ්‍රිතව ජීවත් වන මෙම කැපිබරාට දිය යට මිනිත්තු පහක් පමණ හුස්ම රඳවාගෙන සිටීමේ හැකියාව ද පවතින බව අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.
ශාක භක්ෂක කැපිබරා කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට කැමැත්තක් දක්වන්නෙකි. උන් මෙරටට ලැබී ඇත්තේ සත්ව හුවමාරු වැඩසටහනක් අනුව මෙම මස මුල් සතියේය. උන් ප්‍රදර්ශනය කෙරෙන්නේ මාසයක නිරෝධායන කාලයකින් පසුවය.