බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ එලගවයන් අට දෙනකු ප්‍රවාහන කළ පුද්ගලයකු හරක් හත් දෙනකු හිංසාකාරි ලෙස ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට ගෙන නඩු පැවැරිමට සූදනම් කරද්දී උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ නියෝගයෙන් හරක් සහ සැකකරු මුදා හැර ඇත.
වැලිකන්ද පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු, හා පොලිස් සැරයන්වරයකු මෙම වැටලීම කර ඇති අතර නඩු පැවරීමට පොලිස් පොතේ සටහන් කර තිබියදී අත්අඩංගුවට ගත් සියල්ල මෙසේ මුදා හැර ඇත.
ප්‍රවාහන බලපත් නොමැතිව, සත්ව හිංසාව ඇතිවන පරිදි කුඩා ලොරියකින් එළගව පැටවකු ඇතුළු එලගවයන් හත්දෙනකු වැලිකන්ද වඩමුනේ සිට වාලච්චේන දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී වඩමුනේ පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.,
අප මෙම චෝදනාව පිළිබඳ වැලිකන්ද පොලිස් ස්ථාන් වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ජේ,එච්,එම්,ඩබ්ලිව්.ඩී. හේරත් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, එම සැකකරුට වඩමුනේ හා වාලච්චේන ගවගාල් දෙකක් තිබෙන බවත්, වඩමුනෙ ගවගාලේ ගවයින්ට තණකොළ සහ ජලහිඟය නිසා ලෙඩ වු ගවයින් හයදෙනකු ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය නොදෙන අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසීය.
අනතුරුව ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර, එය ඩී.අයි.ජී. මහතාගේ උපදෙස් අනුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි, ඒ අනුව එම ලොරිය,ගවයින් හා රියදුරු, නිදහස් කිරීමට කටයුතු කළ බවද හේරත් මහතා කීය,
මෙම සිද්ධිය පිළිබඳව අප වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලෙඩ ගවයින් හත්දෙනකු බවත්, එය ජාවාරමකට රැගෙන ගිය එකක් නොවේ, අදාල ගවගාලේ ගවයින් දාහකට වැඩි ප්‍රමාණයක් සිටින බවත් පවතින ආහාර සහ අර්බුදය නිසා රෝගී ගවයින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යන අතරේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති නිසා මෙය සද්භාවයෙන්ම ගත් තීරණයක් බව පැවැසීය.
(නිමල් ජයරත්න)