රුසියාවේ සඳ ගමනට බාධා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව රැසියාවේ සද ගවේෂණයේ නිරත වී සිටින ලූනා 25 යානයට චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, එම යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන්.
රුසියාව සැලසුම් කර තිබූ පරිදි ඊයේ දිනයේදීයි ලූනා 25 යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළුවීමට නියමිතව තිබුණා.
කෙසේවෙතත් යනායේ තාක්ෂණික දෝෂයට හේතු සොයා එහි තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් සිටින බවයි රැසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පැවසුවේ.
රැසියාව වසර 50 කට පසුව සිදුකරන සද ගවේෂණ මෙහෙයුම ද මෙයයි.