ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84 යි ශත 80 ක් ලෙස සටහන් වුණා.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 යි ශත 25 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
පසුගිය මාස කිහිපය හා සැසඳීමේදී ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක වැඩිම මිල පසුගිය 9 වනදා වාර්තාවූ අතර, එය ඩොලර් 84 යි ශත 40 ක් වුණා.