කෝටි 25ක් වන්දි ඉල්ලයි…
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන නදුන් චින්තන නොහොත් හරක් කටාගේ අනියම් බිරිඳ බව පැවසෙන මහේෂිකා මධුවතී නැමැත්තිය විසින් ස්වර්ණවාහිනි නාලිකාව වෙත එන්තරවාසියක් යවා යොමුකර තිබේ.
එම නාලිකාවේ ප්රවෘත්ති නා විකාශයක් අතරතුර ඇය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කරමින් අපහාස කලේ යයි එමගින් ඇය චෝදනා කරයි.
නීතිඥවරයකු මාර්ගයෙන් යොමු කර ඇති එම එන්තරාවාසිය මගින් රුපියල් මිලියන 250ක අපහාස වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඇත.
එය නොගෙවන්නේ නම් දින හතක් ඉක්මවූ පසු නීතිමය මාර්ගයන් ගන්නා බවත් දැනුම් දී තිබේ.