ස්කූටරය කින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රී එල්ල කරන ලද වෙඩි පහරක් දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩා පිටිය අසල නිවසක් ඉදිරිපිට දියණිය සමඟ රැඳී සිටි පුද්ගලයෙකුට වැදි ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි.
තුවාල ලද පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ විදුලි අංශයේ සේවය කරන වයස අවුරුදු තිහක පුද්ගලයෙකි.
තුවාලකරු රැකියාව නිමවා පැමිණ ඔහුගේ නිවසට මඳක් ඈතින් තිබෙන බිරිඳගේ මහ ගෙදර ඉදිරිපිට සිය දියණිය සමග හිදගෙන කතාබස් කරමින් සිටියදී එම වෙඩි පහර එල්ල වී ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංක නමැත්තා ගේ ගෝලයන් දෙදෙනකු වන ගමගේ අසිත කුමාර නොහොත් ඇටයා සහ කුරුවිට ආරච්චිගේ කවිඳු ධනංජය නොහොත් සැන්ඩෝ යන දෙදෙනා ඕබන් පෙදෙසේ පා ගමනින් ඉදිරියට පැමිණෙමින් සිටියදී වෙඩික්කරුවන් ස්කූටරයකින් පැමිණෙන දුටු ඔවුන් දෙදෙනා දිවයන්නට වී ඇති අතර එම අවස්ථාවේදී වෙඩික්කරුවන් වෙඩි පහරක් එල්ල කිරීමත් සමගම දියණිය සමග කතා කතාබස් කරමින් සිටි විදුලි සේවකයා එම සිද්ධියත් සමඟම නැගිටීමත් සමගම ඔහුගේ පාදයට වෙඩි පහර වැදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම වෙඩි ප්‍රහාරය කුමන වර්ගයේ ගිනි අවි කින් එල්ල වුවත් යන්න මෙතෙක් අනාවරණය වී නැත. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප්‍රති පාර්ශවයන් විසින් මෙම තැබීම සිදු කරන්නට ඇති බව පොලීසිය සැකකරයි.