ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම් ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙන බොරලුකන්ද රජමහ විහාරයේ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතාලීමට කටයුතු කළේ එහි ඉදිකිරීම් සම්බන්ධයෙන් පවතින විරෝධතා හේතුවෙන් යැයි නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවැසීය.
අද කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. “විහාරස්ථානයට අයිති ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අරගෙන තියනවා. ඊට යාබද ස්ථානයේ තමයි මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුවන්නේ. යාබද ඉඩම අවට දෙමල පවුල් 500කට වැඩි ප්‍රමාණයක් පදිංචි වෙලා ඉන්නවා.
සිංහල පවුල් දෙකයි ඉන්නේ.එහි පදිංචි දෙමල ජනතාව නිරන්තරයෙන් මම මුණගැසි මෙහි විහාරස්ථානයක් ඉදි කිරිම සම්බන්ධයෙන් විරෝධය පල කරනවා.ඒ අය උද්ඝෝෂණය කරනවා වැඩ නතර වුණේ නැත්නම් පාරේ ඉද ගන්නවා කියනවා. විරෝධතා මැද පන්සලක් හදන්න ගියාම ඒ විහාරාධිපති හිමියන්ට අගෞරවයක් වන බව ඒ ස්වාමින් වහන්සේ හමුවි මම කිව්වා.
මම පන්සලක් හැදෙනවාට විරුද්ධ කෙනෙක් නෙමෙයි.මම මේ පලාතේ දේශපාලනය කරන කෙනෙකුත් නෙවෙයි.මේ ප්‍රදේශයේ ජනතාව සමගියෙන් ඉන්න ඕන නිසා ගත්ත තීන්දුවක්. 99%ක් දෙමල ජනතාව ඉන්න ප්‍රදේශයක පන්සලක් හැදුවම එල්ල වන විරෝධය නිසා මේ පන්සල හදන එක ගැන තීන්දුවක් ගැනිමට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රිවරු දෙදෙනා වන ආර්.සම්බන්ධන් හා කපිල නුවන් අතුකෝරල යන මන්ත්‍රිවරුන් දෙදෙනාට භාරකරලා තියනවා”
ත්‍රිකුණාමලය අමරජීව