මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ, මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව, රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී හමු වුවා යැයි කියන මිනිස් සිරුරකින් වෙන්වී ගිය “මහපට ඇඟිල්ල“ ක කොටස හා එම චොකලට් එක ඊයේ (08) දින මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ ග මහේස්ත්‍රාත් රෂාන්ත සංජීව මහතා හමුවට, “බී“ වර්ථාවක් මගින් ඉදිරිපත් කළේය.
මහේස්ත්රාත්වරයගේ නියමයෙන් අදාල සාම්පලය රජයේ රසපරික්ෂ වෙත යොමු කර, විධිමත් පරික්ෂණ වාර්තාවක් ලබා දෙන ලෙසට නියෝග කෙරිණි. මෙම සිද්ධියට අදාල නඩුව යලි කැදවීම සැප්තුම්බර් 22 කැදවීමට නියම කෙරිණි.
මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සහන් සමරවීර මහතා හා මහියංගන මහජන සෞඛ්‍ය පරීක්ෂක චාමින්ද රත්නායක මහතා අමිල අබේසේකර සල්මන් ෆාරිස් යන මහජන සෞඛ්‍ය පරක්ෂක මහත්වරු කණ්ඩායම විසින් සිද්ධියට අදාල රාජකාරි කටයුතු සිදු කරනු ලබති.
මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් විසින් රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී මිනිස් සිරුරකින් වෙන්වී ගිය “මහපට ඇඟිල්ල“ ක් යැයි කියන කොටසක් පසුගිය (05) දහවල් හමුවී ඇති අතර පසු ඒ පිළබදව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂඛ මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට කෙරිණි.
මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් අදාල ආපන ශාලාව පරික්ෂා කිරිමෙන් අනතුරුව එම චොක්ලට් නිෂ්පාදනයට අදාළ කාන්ඩයේ අනෙකුත් චොක්ලට් නිෂ්පාධන සිය භාරයට ගැනීමෙන් අනතුරුව, මහියංගණ නගරයේ සුපිරි වෙළෙද සැල්ද පරික්ෂාකර, අදාල ඛාන්ඩයේ චොක්ලක් සිය භාරයට ගැනීම සිදු කරනු ලැබීය.
රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාව විසින් මිළදී ගත් චොක්ලට් එක පසුගිය 03 දින මිළදී ගෙන ඇති අතර එහි කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස ශීතකරනය තබා පසුගිය (05) දින ආහාරයට ගත් අවස්ථාවේ සැපනේනේ ඝණ නැති යමක් මුවට දැනුත්, චොක්ලට් එක “පෘට් ඇන් නට්“ වර්ගයේ එකක් වීම නිසා, එම ආහාර කොටසක් විය හැකි යැයි සිතා දැඩිව සපා ඇති අතර එහිදී එම අවස්ථාවේදීද කැබලි නොවු කොටස අතට ගෙන ජල කරාමයට අල්ලා සෝදා බැලීමේදි එම කොටස මිනිස් ඇගිල්ලක් යැයි දැක හයියනේ කෑ ගසා ඇත.
ඇයගේ කෑ ගැසීමට ඇයගේ සමීපතමයන් පැමිණ සිද්ධිය පිළිබද විමසා රෝහල් වෛද්‍ය අධිකාරිවරයාහට දැනුම් දීමෙන් අනතුරුව, මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය (MOH) දැනුවත් කිරිමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ පරික්ෂාවට ලක් කෙරිනි. ඇයට ඇති වු අප්‍රසන්න පිළීකුල් හැගීම හේතුවෙන් ඇය, දිගින් දිගටම සිදුවන වමනය හා පාචන තත්වට ප්‍රතිකාර සඳහා මහියංගණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.