ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්‍රශ්න අවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරනු ඇත.
වත්මන් ආර්ථික තත්ත්වය සහ රට තුළ දැනට පවතින වාතාවරණය පිළිබඳව මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි අදහස් දැක්වීමට නියමිතය.
මේ අතර විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබේ.