ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඊයේ (08) උදෑසන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විදුලිය විසන්ධි කර තිබේ.
කෙසේ වෙතත් විදුලිය කපාහැර පැයක කාලයක් ඇතුළත දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සඳහා යළි විදුලි සැපයුම ලබාදී ඇත.
විදුලි බල මණ්ඩලය විසින් නිසි වේලාවට විදුලි බිල ලබා නොදීම හේතුවෙන් ඇතිවූ අර්බුදයක් මත මෙම තත්ත්වය ඇතිවූ බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික කොමසාරිස් මාන්නප්පෙරුම මහතා ප්රකාශ කළේය.