පැල්මඩුල්ල පොලිස් වසමේදී ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ රියදුරු හා පසුපස ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මරණකරුවන් බලංගොඩ හා පල්ලේබැද්ද පදිංචි අවුරුදු 53 හා 59 වැනි වියේ පසුවන්නන් බව පොලීසිය කියයි. අනතුරට සම්බන්ධ ලොරි රථියේ රියදුරු අත්අඩංගුවට ගත් බවත් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුරට පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.