පාපන්දු ක්‍රීඩකයෙකු කිඹුලෙකුට ගොදුරු වී ජීවිතක්ෂයට පත්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස්ටරිකා හි පාපන්දු ක්‍රීඩකයෙකි.
“චූචෝ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Jesus Alberto Lopez Ortiz නමැති ක්‍රීඩකයා මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයන විට ඔහු 29 හැවිරිදි වියේ පසුවිය.
Río Cañas ගංගාවේ පිහිනමින් සිටියදී ඔහු මෙලෙස කිඹුලෙකුට ගොදුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඇතැම් මාධ්‍ය “චූචෝ” කිඹුලාට ගොදුරුවූ අවස්ථාවේ ජංගම දුරකථනවල පටිගතව තිබූ දර්ශන මෙලෙස වාර්තා කර තිබුණි.
සංවේදී දර්ශන සහිතයි.